ඉතාලියට දරුණු ලැව් ගින්නක්… ගුවන් තොටුපළකුත් වැසේ…

HTML tutorial
Reading Time: < 1 minute

ඉතාලියට අයත් සිසිලි දූපතේ ඇවිළෙමින් පවතින දරුණු ලැව් ගිනි හේතුවෙන් විෂ දුමක් නිර්මාණය වීම නිසා ‘පැලර් මා’ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිපලයක් ලෙස සිසිලි දූපතේ මෙම දිනවල ලැව් ගිනි කිහිපයක් ඇවිළෙමින් පවතින අතර ඉන් එක් ලැව් ගින්නක් පැලර් මා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වටා ඇවිළෙමින් පැවතීම හේතුවෙන් මෙසේ ගුවන්තොටුපළ වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ හේතුවෙන් ගුවන්තොටුපළට ගුවන් ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුව තිබේ. මේ අතර මෙම දිනවල පවතින දැඩි සුළං හේතුවෙන් ඇවිළෙමින් පවතින ලැව් ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව බළධාරීහු පවසති.

දකුණුදිග ඉතාලියට සති කිහිපයක සිට බලපා ඇති දරුණු උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැලර් මා ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක් (ෆැරන්හයිට් අංශක 116ක්) දක්වා ඉහළ ගොස් ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. https://eroom24.com/
  2. HowardE

Post a new comment

Your email address will not be published. Required fields are marked *