ඇමැතිකම රැකගන්න කෙහෙළිය දැඩි වෙහෙසක… සෞඛ්‍ය ඇමැතිකම ඉල්ලා දේශපාලන පොරයක්…
ළඟදීම සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වෙනසක් වීමට ඉඩ ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යාමත් සමඟ සෞඛ්‍ය ඇමැති ධූරය ලබාගැනීමට දේශපාලන පොරයක් හටගෙන ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු බව කියන ආචාර්යවරයකුද විපක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුද දැනටමත් නිල නොවන මට්ටමින් සෞඛ්‍ය අමාත්‍ය ධූරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි සඳහන්ය. මේ දෙදෙනාම කලින් පැවති ආණ්ඩුවල සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් දැරුවෝ වෙති. කෙසේවෙතත් ජනාධිපති කාර්යාලය මේ දෙදෙනාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
එසේ වුවත් මැතිසබයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය තනතුරක් දරන මන්ත්‍රිනියකට සෞඛ්‍ය අංශයේ අධීක්ෂණ වගකීමක් පැවරීම සම්බන්ධයෙන් සූදානමක් ඇතැයි දැනගන්නට ඇත.
ඒ අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සිය තනතුර ආරක්ෂා කර ගැනීම පිණිස විශේෂ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Good post and right to the point. I am not sure if this is really the
best place to ask but do you folks have any thoughts on where to get some professional
writers? Thanks 🙂 Najlepsze escape roomy
You have noted very interesting points! ps decent web site.!
I like this web site it’s a master piece! Glad I detected this on google.
Euro travel