ඇතා තායිලන්තෙට දෙන්න බෑ… ජනතාවත් නැගී සිටින්න…

HTML tutorial
Reading Time: < 1 minute

වසර තිස් හතකට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හෙවත් විජේරාජ ඇතු නැවත තායිලන්තයට ගෙන යෑමට තැත් කළහොත් ඇතු මෙතෙක් නඩත්තු කිරීමට වැය වූ මුදල වන්දියක් ලෙස ඉල්ලා නඩුවක් ගොනු කිරීමට තමන් කටයුතු කරන බව දළදා මාළිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පවසයි.

දළදා මාලිගාවට පූජා කරනවා යනු බුදුන් වහන්සේට පූජා කළා සේ සැලකිය හැකි බවත් එවන් ඓතිහාසික සංස්කෘතිමය වටිනාකමක් ඇති සිදුවීමක් සුළු කොට තැකිය නොහැකි බවත් හෙතෙම කීය.

තායි රාජා ඇතු 1986 පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකාවට කැටුව ආ අතර 25 වැනිදා දළදා මාළිගයට පූජා කළ බවත් එතැන් සිට මේ දක්වා පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් වන විජිත කුරුවිට, නෙවිල් සිල්වා සහ අශෝක දංගොල්ල යන මහාචාර්යවරුන් යටතේ නිරෝගී සතෙකු ලෙස රැක බලා ගත් බවත් හිටපු නිලමේවරයා කියා සිටියේය. විවිධ පුද්ගලයින්ගේ මති මතාන්තර අනුව වැරදි ප්‍රකාශ පතුරුවා පෙර සිද්ධියට සම්බන්ධ කරමින් තායි රාජා ඇතු තායිලන්තයට ගෙන යෑමට උත්සාහ කළහොත් ශ්‍රී ලංකාවාසීන් ලෙස ජනතාව ඊට එරෙහිව නැගී සිටිය යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.

ඉකුත් සතියේ තායිලන්තයේ පරිසර ඇමැතිවරයාගේ නැගණිය ශ්‍රී දළදා මාලිගාවට පැමිණ තායි රාජා ඇතු පිළිබඳව විමසන අවස්ථාවේ ඇතා මාලිගා පරිශ්‍රයේ නොසිටීම හේතුවෙන් මෙම ප්‍රශ්නය පැන නැගී තිබිණි. තායි රාජා හෙවත් විජේරාජ ඉකුත් දිනවල මද කිපීම හේතුවෙන් සුදුහුම්පොළ රාජමහා විහාරයේ නිදහස් පරිසරයක ලැගුම් ගැනීමට සලසා ඇති බව දැන ගන්නට තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *