ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරුඹේ… මිලදී ගන්නේ මෙහෙමයි…

HTML tutorial
Reading Time: < 1 minute

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය ඊයේ (17 වැනිදා) සිට ආරම්භ වී ඇත. අදියර 2 ක් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍රවල පළමු අදියර මධ්‍යාහ්න 12 සිටත්, දෙවැනි අදියර තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අද ප.ව. 6.30 සිට ආරම්භ වනු ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම නිවේදනය ලබා දී තිබෙන අතර එහිදී ප්‍රවේශ පත්‍ර bookme.pk දරණ වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත. මෙම ප්‍රවේශ පත්‍ර අලෙවිය අතරට ලබන සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තානු එක්දින තරගයේ ප්‍රවේශ ද ඇතුළත් වේ.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී එක් ජාතික හැඳුනුම්පතකින්, විදේශ ගමන් බලපත්‍රයකින් ප්‍රවේශ පත්‍ර 4 ක් වෙන් කර ගැනීමේ හැකියාව පවතින නමුත් ඉන්දු – පාකිස්තානු තරගය සඳහා පමණක් එය ප්‍රවේශ පත්‍ර 2 කට සීමා වන බවද ඔවුහු් දැනුම් දී සිටිති. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තනය සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාව තරග වදිනු ලබන පළමු තරගය අගෝස්තු මස 31 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පල්ලේකැලේ දී පැවැත්වෙනු ඇත.

එම තරගයද ඇතුළුව මෙවර ආසියානු කුසලාන තරගාවලිය යටතේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර ඉන් තරග 3 ක් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ද ඉතිරි තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ද පැවැත්වෙනු ඇත.

මේ අතර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර ඉකුත් සතියේදී ආරම්භ විය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *