ආබාධ පරදා B-Love Kandy මංගල LPL කිරුළ දිනයි!

HTML tutorial
Reading Time: < 1 minute

2023 ලංක ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්යෙන් යුත් බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය.

ඒ, කඩුළු 5කින්.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල අවුර කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 147ක් රැස්කර ගැනීමට සමත් විය.

දඹුල්ල අවුරා පිල වෙනුවෙන් ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ පන්දු 29ක් තුළදීයි.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 3ක් ද ඇතුළත් වේ.

සධීර සමරවික්‍රම රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 36කි.

පන්දු 25කට මුහුණදුන් කුසල් පෙරේරා නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 31කි.

පන්දු යැවීමේදී බී-ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

අනතුරු පිටියට පැමිණි බී-ලව් කැන්ඩි පිල පන්දුවාර 19යි පන්දු 5කදී කඩුළු 5ක් දැවී ලකුණු 151ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

බී-ලව් කැන්ඩි පිල වෙනුවෙන් කමිදු මෙන්ඩිස් පන්දු 37කදී ලකුණු 44ක් රැස්කර ගැනීමට සමත් වීය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.

මොහොමඩ් හාරිස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 26කි.

දිනේශ් චන්දිමාල් පන්දු 22කදී ලකුණු 24ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් නූර් අහමඩ් කඩුළු 3ක් බිදදැමීමට සමත් විය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *