ආනයන සීමා ලිහිල් කරපු භාණ්ඩ මෙන්න…
Reading Time: < 1 minute
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ අනුව කෘෂිකර්ම, ඇඟලුම්, ඉදිකිරීම්, ධීවර සහ කර්මාන්ත යන ක්‍ෂේත්‍රවලට අදාළ භාණ්ඩ සඳහා පවතින ආනයන සීමා ලිහිල් කිරීමට සාකච්ඡා කරගෙන යන බව ද ‘දිවයින’ ට වාර්තා වේ.
මෙම භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීම ලබන සතියේ සිදුවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් ජුනි මාසයේ මැදදී ද භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ඉවත් කළ අතර ඒ අනුව ආනයන සීමාවලට ලක්වූ භාණ්ඩ ලැයිස්තුව 1216 ක් දක්වා අඩුවී තිබිණි.
ලබන සතියේදී තවත් භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ලිහිල් වීමත් සමඟ මේ භාණ්ඩ ලැයිස්තුව 900 ක් පමණ දක්වා අඩුවනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?