අලුත් චක්‍රලේඛයක් එයි.. මැරයන් දමා ලීසිං වාහන අත්පත් කරගන්න බෑ…

HTML tutorial
Reading Time: < 1 minute

නව චක්‍රලේඛනය සමග මැර කණ්ඩායම් දාලා වාහන අත්පත් කරගන්න අවසර නැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය හමුමක් අමතමින් එහි සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා මෙසේ අදහස් දක්වන ලදී.

2024.02.08 දිනයේදී වැඩබලන පොලිස්පතිතුමන් විසින් අප මෙතෙක් ඉල්ලා සිටි චක්‍රලේකය RTM – 199 නමින් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වලට නිකුත්කරනු ලැබුවා. මෙම කරුණ නිසා කිසිදු ආකාරයකට ඉදිරියේදී ලීසිං ආයතන වලට වාහන අත්තනෝමතිකව ලබාගැනීමක් හෝ සීසර් ල හරහා වාහන පැහැර ගැනීමටද මින් ඉදිරියට නොහැකියි.පොලිසියේ මැදිහත් වීම පිළිබඳව මෙම චක්‍රලේඛය හරහා ඉතා පැහැදිලිව සඳහන් කරතිබෙනවා.

සංගමයේ නියෝජ්‍ය ලේකම් සුමේධ අමරසිංහ

සමාජමාධ්‍ය හරහා ණය ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව අප බොහෝ වාරයක් මහා බැංකුවට තොරතුරු වාර්තා කලත් ඔවුන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා ජනතාවට සහ අපට ඇත්තේ විශාල සැකයක් මහබැංකු නිලධාරීන් මෙම ආයතන වලින් වාසි ලබා ගන්නවාදැයි කියා. අනෙක් අතට ONLINE ණය ලබාදීම නීති විරෝධී වන අතර ඔවුන් මෙම ලබා දෙන ණය නැවත අය කරගැනීම සඳහා අදාළ මුදල් ලබාගත් අයගේ පවුලේ සාමාජිකයන්ට සහ හිතවතුන්ට දුරකථන ඇමතුම් ලබාගෙන දිගින් දිගටම අපහසුතාවයන්ට පත් කරමින් සිටී. අප සංගමය ලෙස ජනතාවට කියා සිටින්නේ ඔබ මෙම ONLINE ණය ලබාගෙන තිබේනම්, එය ඔබ කැමැත්තෙන් ගෙවන්නේනම් එය ඔබේ කාරණයක්. නමුත්, එය ඔබට නොගෙවා සිටීමට ඔබට සම්පූර්ණ අවස්තාවක් ඇති බවයි.

එසේම ඔබ බැංකු ආයතන මගින් ලබාගත් ඉලෙක්ට්‍රොනික් කාඩ් පත මගින් මුදල් ගෙවීමේදී, සමහර ආයතන මගින් 1%, 2%, 3% හෝ 5% ලෙස අමතර මුදලක් ඔබෙන් කපාගැනීම සිදුකරයි. මෙය එම ආයතන සිදුකරන වරදක්.

පාරිභෝගිකයා මෙම කාඩ් පහසුකම් ලබාගන්න විට වාර්ශිකව එම පහසුකම වෙනුවෙන් මුදලක් බැංකුව වෙත ගෙවන අතර ඔබ කෙසේවත් මෙලෙස භාණ්ඩයේ වටිනාකමට වඩා මුදලක් හෝ අමතර මුදලක් ගෙවිය යුතු නැත. එම මුදල ගෙවිය යුත්තේ එම ආයතනය විසින් මිස අප විසින් නොවේ. කිසිවිටෙකත් මෙවැනි මුදලක් ඔබ විසින්, ගෙවීම සිදු නොකරන ලෙස අප දන්වා සිටිමු.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *