අරගල නායකයෙකු හොර රහසේ පවත්වාගෙන ගිය… ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි…

HTML tutorial
Reading Time: < 1 minute

ගාළු මුවදොර අරගල අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු තම බෑනා සමඟ නිෂ්පාදනය කළ ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ගිනි අවි නිපදවන ආකාරය අධ්‍යනය කර ඒවා නිපදවා ඇතැයි කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සදහන් කරයි.

ඔවුන් විසින් මීට පෙරද ගිනි අවි නිෂ්පාදනය කර වෙනත් පුද්ගලයන්ට ලබා දී තිබේද හා ගිනි අවි භාවිත කරමින් අපරාධ සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 41 සහ 21 හැවිරිදි වයස්වල පසුවෙයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ වාහන හා යතුරු පැදි වෙළඳසලක් ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අයෙකි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *