අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට

HTML tutorial
Reading Time: < 1 minute

අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සම්පත් බැංකු පී.එල්.සී හි මීළඟ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස 2023 ජූලි මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ භාර ගැනීමට නියමිතය.

බැංකුවේ සුබසිද්ධිය වෙනුවෙන් මහත් කැපවීමෙන් යුතුව අතිවිශිෂ්ට සේවයක් සිදුකර ඇති එම ධූරයේ දැනට කටයුතු කරමින් සිටින කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ඇයව පත්කරනු ලබන අතර ඒ මහතාගේ ධූර කාලය 2023 ජුනි මස 30 වෙනිදායින් අවසන් වනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට හිමිකම් කියන අයෝධ්‍යා මහත්මිය, දශක තුනකට අධික කාලයක් පුරාවට සම්පත් බැංකුව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකරමින් සාර්ථක වෘත්තීය ගමනකට උරුමකම් කියයි. මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ ප්‍රවීන වෘත්තීයවේදිනියක් ලෙස කීර්තිමත් නාමයක් අත්කරගෙන ඇති ඇයට ආයතනික බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය සහ ණය පාලනය පිළිබඳව විශේෂඥ දැනුම් සම්භාරයක් ඇත. ඇයගේ සුවිශේෂී ගමන් මග තුළ, සිය විශේෂඥතාව ඔස්සේ බැංකු ක්ෂේත්‍රය වෙත ලබාදී ඇති දායකත්වය වෙනුවෙන් පසුගිය වසර ගණනාව පුරාවට අයෝධ්‍යා මහත්මිය ඇගැයුමට ලක්ව ඇති අතර, 2023 වසරේ දී ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් කීර්තිමත් “ජ්‍යෙෂ්ඨ සාමාජිකාව” (Senior Fellow) යන නාමයෙන්ද ඇය පිදුම් ලබුවාය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *