අයිසීසී කාන්තා විස්සයි 20 කණ්ඩායමේ ඔටුන්න චමරිට

HTML tutorial
Reading Time: < 1 minute

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසර සඳහා තෝරා ගන්නා ලද කාන්තා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා සහ සුපිරි පිතිකාරිනි චමරි අතපත්තු නම් කර ඇත.

2023 වසරේ ජනවාරි මස 01දා සිට 2023 වසරේ දෙසැම්බර් මස 31දා දක්වා විස්සයි 20 පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් කර අවසන් ක්‍රීඩිකාවන් 11 දෙනා තෝරා ගෙන ඇති අතර ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු පත් කර ඇත.

2023 වසරේ කාන්තා විස්සයි 20 කණ්ඩායම සහ පිරිමි කණ්ඩායමද අයිසීසීය විසින් නිල වශයෙන් ඊයේ (22දා) නිවේදනය කරන ලදී.

චමරිගේ කණ්ඩායමේ නවසීලන්ත, ඔස්ටේ්‍රලියා, එංගලන්ත, ඉන්දියා ආදී රටවල ක්‍රීඩිකාවෝ වෙති.

2023 වසරේදී චමරි පන්දු වාර 20-20 ලකුණු 470 ක් ලබා ඇති අතර එහි ප්‍රහාරාත්මක වේගය 130 ක් වේ.

2023 වසරට අදාළ අයිසීසී සම්මාන ලැයිස්තුවේ අවසන් නාමලේඛන සඳහා මෙවර වැඩිම අවස්ථාවන් ගණනාවක් තේරී පත් වූ ක්‍රීඩිකාවද චමරි අතපත්තු වේ.

ඒ අනුව චමරි අතපත්තු අයිසීසී වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වසරේ පන්දු වාර 20-20 ක්‍රිකට් ක්‍රීඩිකාව යන අංශවල ලැයිස්තුගත වී ඇත.

කෙසේ වෙතත් අයිසීසීය නම් කළ වසරේ විස්සයි 20 පිරිමි කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ඇතුළත්ව නැත. එම කණ්ඩායමේ නායකයා ලෙස සූර්ය කුමාර් යාදව් නම් කර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Shela M

Post a new comment

Your email address will not be published. Required fields are marked *