අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් ප්‍රතිසංස්කරණට පියවර…

HTML tutorial
Reading Time: < 1 minute

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉස්වැටිය හා කොලොන්ගස්වැව යන වැව් ද්විත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට පසුගියදා ලක් විය.

රුපියල් මිලියන 40 ක වියදමින්, කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක Sඓඇඵ් ව්‍යාපෘතිය යටතේ මෙම වැව් දෙකෙහිම ප්‍රතිසංස්කරණය කෙරේ.ඒ යටතේ එම වැව් වල පවතින රොන් මඩ ඉවත් කිරීම, වැව් බැම්ම සකස් කිරීම, සොරොව් පද්ධතිය සකස් කිරීම හා ඇළ වේලී සකස් කිරීම සිදු කෙරේ.මේ වන විට ඒවායේ වැඩ 80% ක් පමණ නිම වී අතැයිද නිළධාරීන් පැවසීය.

පවතින වැසි රහිත කාළගුණයත් සමඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීමෙන් කෘෂිකර්ම අමාත්‍යංශය හරහා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතී.

වැසි රහිත නියං කාළගුණය, ආපදාවක් ලෙස නොගෙන අවදානම අභියෝගයක් කර ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ගිය වැව් මේ මොහොතේ ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන බව එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් පැවසීය.

අදාළ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී ගොවි සංවිධානයන්ගේ ඉල්ලීම් සලකා බලා ඒ අනුව ප්‍රථිසංස්කරණ කටයුතු සිදු කෙරේ.වැව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එම වැව් ද්විත්වය අවට බඩඉරඟු, රටකජු ඇතුළු එළවලු වගා කරමින් හේන් වගාවන් සිදු කරන තරුණ ගොවි මහතුන් කෘෂි ව්‍යවසායකයින් කිරීමේ අරමුණින් හේන් තුළ පවතින වගා ලිං ප්‍රතිසංස්කරණය කර සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන ජල පොම්ප සහන මිලට ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්. Sඓඇඵ් ව්‍යාපෘතියේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape rooms
  2. Emil.D

Post a new comment

Your email address will not be published. Required fields are marked *