ලෝකයේ සියළුම රටවල් අතරින් ලංකාවේ වීඩියෝව පළමු තැනටVIDEO 

HTML tutorial
Reading Time: < 1 minute

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’ නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.

මූලික වටය සඳහා රටවල් බොහෝමයක් නිර්මාණ යොමු කර තිබුණද මෙහි අවසන් වටයට තෝරා ගෙන තිබුණේ ශ්‍රී ලංකාව, ප්‍රංශය, පිලිපීනය, ආජන්ටිනාව, ඇමරිකාව, තුර්කිය, ස්ලෝවෙනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් රාජ්‍යයයන්හි නිර්මාණකරුවන් විසින් යොමු කළ නිර්මාණ 12ක් පමණි.

තෝරාගත් තරඟකාරී නිර්මාණ 12 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ නිල ෆේස්බුක්පිටුවට උඩුගත කළ අතර ජුනි 15 දක්වා සතියක කාලයක් ලොවවටා ජනතා මනාප සඳහා විවෘත කෙරුණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aviation Voice නිර්මාතෘ දේව් කව්සල සමරජීව විසින් නිර්මාණය කළ වීඩියෝව වැඩිම ජනතා ප්‍රතිචාර (මනාප 28,000ක්) ලබාගනිමින් ජයග්‍රාහකයා ලෙස තේරී පත්විණි. පිළිවෙළින් මනාප 4,800 ලබාගත් ආජන්ටිනාව දෙවන ස්ථානයටත්, තුර්කිය තෙවන ස්ථානයටත් පත්විය. ඔහු නිර්මාණය ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛ පෙළේ ගුවන්සේවා සමුළුවක් වන ICAO Global Aviation Gender Summit 2023 හිදී 2023 ජූලි මස 05දා විශේෂ ඇගයීමට ලක් කිරීමට නියමිතය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. eroom24.com
  2. Cleveland R
  3. Dennis Kennedy
  4. web design henderson
  5. 카지노사이트
  6. Best AI shopping platform
  7. slot receh
  8. poşet baskı

Post a new comment

Your email address will not be published. Required fields are marked *