සුජීව මහනුවර SJB නායකත්වයට.. දුවර ඉඩ දී කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී..

HTML tutorial
Reading Time: < 1 minute

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පත් කිරීමට නියමිතය.

එම තනතුර භාරගන්නා ලෙස පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බවද සුජීව සේනසිංහ මහතා පැවසීය.

තමන් පක්ෂය ගන්නා තීන්දුවට උපරිම සහාය දීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියි.

මෙය අතර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමිවනු ඇති බව එම පක්ෂය ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ වෙනුවට ඔහුගේ දියණිය මහනුවර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් අපේක්ෂකත්වය පත් කිරීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිරිල්ල මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් අදහස් පලක් කළ නොහැකි බවය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments

Post a new comment

Your email address will not be published. Required fields are marked *