වනිඳු සිම්බාබ්වේ වනසයි… තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට…
සිය ඕවර 4 ලකුණු 15 කට සීමාකරගත් වනිඳු හසරංග, කඩුලු 4 ක් දවාගැනීම නිසා අසරණ වූ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගයේදී ලකුණු 82 කට දැවී ගියහ. එය සිම්බාව්වේ කණ්ඩායමක් විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙයි.
මීට පෙර ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ වසර 2010 දී කොදෙව් පිලට එරෙහිව ගයනාවේදී පැවැති තරගයකදී ලකුණු 84 කට දැවී යාමයි.
සිම්බාබ්වේ පිතිකරුවන් පළමු ඕවර දෙකින් ලකුණු 28 ක් උදුරා ගත් නමුත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග පළමුවෙන් පන්දු යැවීම තෝරා ගැනීම ප්‍රතිඵල දායක විය.
මෙම තරගය සඳහා චරිත් අසලංක සහ කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා නොකරන අතර ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා සිටිති. සිම්බාබ්වේ කණ්ඩායමද එක වෙනස්කමක් කර තිබේ. රයාන් බර්ල් කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට ටෝනි මුනියොංගා කණ්ඩායමට කැඳවා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
වනිඳු හසරංග (නායක), කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, පැතුම් නිස්සංක, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා
සිම්බාබ්වේ කණ්ඩායම
සිකන්දර් රාසා (නායක), ක්‍රේග් අර්වින්, ටිනාෂේ කමුන්කම්වේ, බ්‍රයන් බෙනට්, ෂෝන් විලියම්ස්, ටෝනි මුනියොංගා, ක්ලයිව් මඩාන්ඬේ, ලූක් ජොන්ග්වේ, වෙලිංටන් මසකඞ්සා, බ්ලෙසිං මුසෙරබානි සහ රිචඞ් ගරාවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?