මුල්ලේරියාවේ මියගිය දරුවාගේ සීයාට ඇප
මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය දරුවාගේ සීයාව ඇප මත මුදාහැරීමට අලුත්කඩේ අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව සැකකරුට ලක්ෂ 3 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී දරුවා සීයාගේ භාරයේ සිට ඇති අතර ඊයේ (10) රාත්‍රියේ මුල්ලේරියාව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැණුනේ දරුවාට රැකවරණය ලබා නොදීමේ චෝදනාව මතය.
අත්අඩංගුවට ගත් 65 හැවිරිදි එම පුද්ගලයා අද (11) අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී තිබුණි.
මාලබේ හල්බරාවේ පදිංචි අවුරුදු 5 යි මාස 6 ක් වයසැති ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති දරුවා මුල්ලේරියාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටියදී පසුගිය 08 වනදා රාත්‍රියේ මුල්ලේරියාව පොලීසිය විසින් සොයාගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම වැඩබිමේ තණකොළ කපන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
තණකොළ කපන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී එය දරුවාගේ ඇඟේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෙම දරුවා මියගොස් ඇති බව අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත.
මේ අතර මියගිය පුංචි ජොනතන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේත් දේහය තැන්පත් කර තිබෙන පෞද්ගලික මල් ශාලාවට ඔහුගේ ඥාතින් ඇතුළු පිරිස පැමිණියහ.
දේහය පිළිබඳ අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භුමියේදී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Awsome info and right to the point. I am not sure if
this is truly the best place to ask but do you guys have any ideea where to hire some professional writers?
Thanks 🙂 Najlepsze escape roomy
I was reading through some of your blog posts on this site and I think this site is really informative!
Keep on posting.?
Very interesting topic, thank you for posting. Euro trip
Hello there! I could have sworn I’ve visited this website before but after looking at some of the posts I realized it’s new to me. Anyhow, I’m definitely delighted I discovered it and I’ll be book-marking it and checking back frequently!
Way cool! Some very valid points! I appreciate you writing this write-up and also the rest of the site is extremely good.
Bu casino’da en yüksek kazancı Mega Moolah slot oyunundan elde ettim.