යුරෝපා දූපතේ ආයෝජනය පත්තු වෙයි… ඩීල් එක මෙන්න…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද(15)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එහිදී දුමින්ද නාගමුව මහතා පසුගිය 08-12 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පවසා සිටියේය.
ඒ අනුව මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා අද පස්වරුවේ ටිරාන් අලස් මහතා අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
එහිදී අලස් මහතා ප්‍රකාශ කර සිටියේ තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවයි.
විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතුබව ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Very wonderful information can be found on blog.Expand blog