රාජපක්‍ෂලා සොරා කෑ ධනය පෙන්වන්න සූදානම් බව මාලිමාව කියයි….
Reading Time: < 1 minute
හොරු ඇල්ලුවේදැයි අද වන විට හොරු තමන්ගෙන් අසමින් සිටින්නේ ඇයි ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
රාජපක්ෂලා ජනතාවගෙන් සොරා ගත් ධනය ලංකාවේද විදේශයන්හිද ඉඩම්වලද කොටස් වෙළඳපොලේ ද යන්න නුදුරේදීම පෙන්වා දීමට සූදානම් බවද හෙතෙම කියා සිටී.
නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් පත්ව ඇති නිසා වලං කඩයට පැන්න ගොනෙකු සේ කටයුතු කළ යුතු නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පොහොට්ටුවේ මෙන්ම සමගි ජන බලවේගයත් එජාපයත් හොරුන්ගේ ඔට්ටු සෙල්ලම මෙවර අවසාන කරන බවත් මේ ගතවන්නේ අවසන් පැය කිහිපය විය හැකි බවත් ඔහු කියා සිටී.
මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Comments
BWER Company is Iraq’s leading supplier of advanced weighbridge systems, offering reliable, accurate, and durable solutions for industrial and commercial needs, designed to handle heavy-duty weighing applications across various sectors.