නිල් කුරුල්ලාට සමු දුන් Twitter… නව ලාංඡනය මෙන්න…VIDEO
Reading Time: < 1 minute
ට්විටර් ලාංඡනයේ සිටින සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය නිල වශයෙන් වෙනස් කිරීමට එලෝන් මස්ක් තීරණය කර තිබේ.
එම සංකේතය “X” ලෙස වෙනස් කිරීමට තමා සැලසුම් කරන බවත් Twitter හි නව ලාංඡනයේ කළු පැහැති පසුබිමක සුදු X අකුරේ පින්තූරයක් Twitter හි ප්‍රධාන විධායකවරයා විසින් එළිදක්වා ඇත.
ලොව පුරා ඉතා ඉක්මණින් මෙය වෙනස් කිරීමට පියවර ගන්නා බවද එලෝන් මස්ක් Twitter සටහනක් තබමින් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Twitter කුරුල්ලාට අමතරව එම සන්නාමයටද සමු දෙන බව ඔහු ප්‍රකාශ කර තිබුණි.
මෙය බොහෝ කළකට පෙර සිදු කිරීමට තිබූ දෙයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් එලෝන් මස්ක් සඳහන් කර ඇත.
— Elon Musk (@elonmusk) July 23, 2023
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?